අහිංසක මල්

The Whisperers Banner
මල්ෂි බණ්ඩාරගේ පින්සල් රේඛා වල උපුටාගැනීමකි

මල්වලට වර්ණ එක් කර
මල්පෙති වලට හීන බැලීමට කියාදුන්
බඹරුන්ට අත්තටු දී
මන්දාකිණිය තරනය කරන්න කියාදුන්
පුංචි ආත්මයක් විසින් තැබූ
නිශ්ශබ්ද පින්සල් රේඛාවල තීන්දුවකි


මෙ සසර ගමනේ නොයෙක් අවස්ථාවලදී අපට නොයෙකුත් ආත්ම මුනගැසෙණු ඇත. මේ සමහර හදවත් තම ආත්මයට පවා අවංකව ජීවත් වන අයය. ඔවුන් නිහතමානීව සන්සුන්ව සෑම සත්‍යයක් සමඟ ගැඹුරු සම්බන්ධයක් පවත්වාගෙන යති. ඔවුන් මෙ සසර මග පසුකරමින් යන්නේ ඉතාම සන්සුන්කමකින්ය. එය කළ යුතු නිසා නොව, මනුස්ස භාවය තේරුම් ගත් නිසාය.

එවන් ආත්මයක් මටත් හමුවිය…

මැය ලෝකයේ කෙලවරක හිඳ මන්දාකිණි දෙස බලා සිතෙන් පිපුණු ආදරය සහ විශ්වාසය මඟින් මෙම සිතිවිලිවලට හැඩයක් දී, සිහිනවලට වර්ණයක් දුන් අයෙකි.

ඇය කිසිදා අවධානයේ මැද සිටිමින් ජීවත් වීමට උත්සාහ කළේ නැත, ඇය සන්සුන්ව එක් මාර්ගයක නිශ්ශබ්දව ගමන් කරමින්, අනෙක් මාර්ගය උණුසුම් වර්ණවලින් ආලෝකමත් කලේය. ඇය විවේචන වලට පසුබට නොවුහ. බාධක කම්කටලු ඔස්සේ — ඇය තමන්ගේ සිහින වර්ණවලට පරිවර්තනය කිරීම කිසිදා නැවත්තුවේද නැත.

බොහෝදෙනා තම කලාව රැවටීමක් කර,
විකෘති කර,
විහිළුවකට ලක් කර,
ඒ මඟින් අවධානය අයදින ලෝකයක,
කලාව යනු කුමක්ද යන්නවත්
නොදන්න තරමට පිරිහීගිය ලෝකයක…

ඇය තම ආත්මයෙන්, හදවතින්,
කලාව වර්ණවත් කර,
කවි බවට පරිවර්තනය කළාය.
මෙය ඇයගේ හදවත සන්සුන්ව,
පවත්වාගෙන යන මගක් විය.
ඇය සිර කර තැබිය නොහැකි
නිදහස් ආත්මයකි.

වේගවත් කෘත්‍රිම ලෝකයක,
අවංකකම පිරිහුණු සමාජයක,
ඇය සත්‍යතාවය
විශ්වාස කරන ආත්මයකි.

“සිංහ නාද වලට මුල් තැන” කියන තැන,
මෙම පුංචි මල නිහතමානීව පිපුණි 🌸

ඇයගේ චිත්‍රවල සැඟවුණු අදහස් බොහෝය.
එය නිවී ගිය මතකයක උණුසුමක් විය හැක.
සමහර අවස්ථාවලදී එය කැඩපතකි.
තව අවස්ථාවලදී, වියකී ගිය කවියකි.
අනිත් අවස්ථාවලදී, නොලියූ ලිපියකි.

සෑම පින්සල් රේඛාවකටම ආදරය එක් කරමින් කරන මෙම නිහතමානී කලාවකි මනුස්සත්වයෙන් පිරී ගිය සන්සුන්කමකි 💛

බොරු විකුණන ලෝකයක,
රංගනය වටිනාකමක් යයි සිතන සමාජයක,
ඇය වැනි අවංක ආත්මයන්
අපට මතක් කරවන්නේ —
අවංකත්වය දුර්වලකමක් නොවන බවය.

අඳුරු අනාගතයකට මේ සමාජය
ඉතා වේගයෙන් ඇද හැලෙද්දී,
එම සමාජය විනාස නොවී බේරෙන්නේ නම්,
මෙවන් අවංක හදවත් වෙනුවෙනි.
මෙවන් ආත්මයන් සදහාය.

-ZxR 💛

Sentinel Ascension Echoes Origin Nest